සoහිදීයාව ඇති කිරීමට නම් ,,,සර්ව ආගමික සoගායනාවක්, පැවැත්වීමට කාලය එළඹ ඇත.


                      දිනෙන්  දින   ඉහළ  යන   ,ආගමික  ගැටුම්  හා  ප්‍රචණ්ඩත් වයට   එරෙහිව , සියලුම  දෙනා  , අත්වැල්  බැදගත යුතු  කාලය  එළඹ  තිබේ . එය හෙට  දිනය ට   කල් නොදමා , අද  අද ම , විසඳුම්  සෙවිය  යුතු ප්‍රශ්නයක්  බවට  පත්ව ඇත.

                     වෙනත්  අසල්වැසි  රටවල්  වලින්  ඇසෙන,   ආගමික  ගැටුම්  හේතුවෙන්  වසරකට , මියයන , හෝ  අවතැන්  වන  ජනතාව  කොපමණ  දැයි  අමුතුවෙන්  කිවයුතු  නැත .  එවන්  තත්ත්වයක්  අප රටතුළ  නිර්මාණය  වීමට  කිසිසේත්ම  ඉඩ තැබිය  යුතු නැත .  වසර  30 ක  පමණ  කුරිරු  යුද්ධය කින්  බැට  කෑ අපට  , යුද්ධය ක  ඇති  ආදීනව
අමුතුවෙන්  පහදා  දිය  යුතුද  නැත .

                           මේ  භාර ධූර  කාර්ය ය , සඳහා  වහාම ,ඍජුවම  රජය  මැදිහත් විය යුතුය . සියලුම  ආගමික , නායකයින් , සම්බන්ධ කරගනිමින් , ( බෞද්ධ , හින්දු , ක්‍රිස්තියානි , ඉස්ලාම් ,)  සියලුම , විද්යුත් , හා  මුද්‍රිත  මාධ්‍ය  සම්බන්ධ කරගනිමින් ,,එකම  වේදිකා වක  සිට , වර්තමානයේ , ඇතිවී  තිබෙන  ගැටලු  සහ  ඒවාට  විසඳුම්  කවරක් ද , යන්න  සජීවී ව , සාකච්ඡා  කරමින් , විසඳුම්  සෙවිය  යුතු  අතර , එය , එම  මොහොතේ ,සියලුම  නාලිකා වල , සජීවී , විකාශනය න්,  සිදුකිරීමට ත් , එම   මොහොතේ ,වෙනත්  සියලුම ,වැඩ  සටහන්  නවතා ,මෙම  ජාතික මෙහෙවර ට , දායකත්වය , අනිවාර්යයෙන්ම  ලබාදී මට  කටයුතු  කරන  මෙන්. රජය , නියෝග  කළ  යුතුය .

             එවිට , සියලුම , ජනතාව ට , අකැමැත්තෙන්  වුවද  මෙම  වැඩසටහනට  සම්බන්ධ වීමට  සිදුවනු  ඇත. එහිදී  ආගමික  නායකයින් හට  විශේෂ  කාර්ය භාරයක්  පැවැරෙනු ඇත. එනම් , අනාගතයේ දී  තම තමන්ගේ , ආගමික  කටයුතු  ප්‍රවර්ධන ය  කළ  යුත්තේ  කෙසේද ,සහ  තම අනුගාමිකයන්  කෙසේ  කටයුතු  කළ යුතු ද , යන්න  පිළිබඳව  පැහැදිලි  නිර්නායකයන්  රට  හමුවේ , ප්‍රකාශ කිරීමට  අවස්ථාව  ඇත.

               මේ  අන්දමට  වසරක්  තුළ  , සෑම  මසකට  වරක් ම  මෙවැනි , සoගායනාවක්  සිදු කළ හොත් , අපේ  රට  මුළු  මහත්  ලෝකයට ම  ආදර්ශ මත් , රාජ්‍ය යක්  ලෙසට අවිවාදයෙන් ම  පිළිගැනීමට  සිදුවන  නිසැකය .


                    මාධ්‍යවේදී,      කිත්සිරි  සමරතුංග ,    හතරලියද්ද ,, 0771136013,

Comments

Popular posts from this blog

ගම හදා , රට හදමු .

මැති ඇමැති වරුන්ගේ හිතුවක්කාර තීරණ වලට එරෙහි වෙමු .